29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසිරිනිවාස නාහිමියන් දුන් කෝටි 10ක තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස ඉල්ලා කාන්තාවකගෙන්...

සිරිනිවාස නාහිමියන් දුන් කෝටි 10ක තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙස ඉල්ලා කාන්තාවකගෙන් පෙත්සමක්

අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් තමන්ට තෑගි ඔප්පුවකින් ලබා දුන් කෝටි 10 ක් වටිනා නිවස සහිත ඉඩමේ ඔප්පුවට ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවක් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇය එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් නමැති කාන්තාවක් වන අතර ඇය අනුරාධපුර දිසා අධිකරණය හමුවේ 00082/එන/2022 අංක දරන පෙත්සමක් එලෙස ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් අනුරාධපුර පළමු පියවරේ පිහිටි නිවස සහිත ඉඩම අංක 5493 දරන තෑගි ඔප්පුවකින් උන් වහන්සේ අපවත් වීමට දින පහකට පෙර තමන්ට ලියා දුන් බවත් එකී නිවස සහිත ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කිරීම රෙජිස්ටර් ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප ඇති බවත් ඇය සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ තෑගි ඔප්පුව වහා ලියාපදිංචි කිරීම කරන ලෙස රෙජිස්ටර් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස දිනේෂා කුමාරි හේරත් ඉහත පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා