― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsIMF විස්තීරණ ණය මුදල පිළිබඳ නිල ප්‍රකාශය 20 වනදා රාත්‍රියේ දී

IMF විස්තීරණ ණය මුදල පිළිබඳ නිල ප්‍රකාශය 20 වනදා රාත්‍රියේ දී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව 20 වනදා රාත්‍රීයේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව එදිනම රාත්‍රියේ ඒ පිළිබඳව නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (18) උදෑසන රුවන්වැල්ල දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ එම එකඟතාවයන් පිළිබඳව වෙබ් අඩවියේ පල කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එය බොහෝ විට ලබන සතියේ දී සිදුවිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.