10.2 C
London
Friday, March 31, 2023

ඉක්වදෝරයේ භූමිකම්පාවකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

ඉක්වදෝරයේ දකුණු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 12 පමණ මියගොස් තිබෙනවා.

එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ ඇති වූ රික්ටර් මාපකයේ 6.7ක භූමිකම්පාවෙන් පසු නගර කිහිපයක ගොඩනැගිලිවලට ද හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු පළාතේ El Oro ප්‍රදේශයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර, කඩා වැටුණු නිවාස තුළ පුද්ගලයන් සිරවී සිටින බව හදිසි සනහ සේවා කණ්ඩායම් වාර්තා කර තිබෙනවා.

එල් ඕරෝ ප්‍රදේශයේ මරණ 11ක් සහ අසුආයි පළාතේ එක් මරණයක් සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.

මිලියන තුනක පමණ ජනතාවක් වෙසෙන ඉක්වදෝරයේ දෙවන විශාලතම නගරය වන ගුවායාකිල් සිට කිලෝමීටර් 80ක් පමණ දුරින් බලඕ ආසන්නයේ යි මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ.

සහන සේවා ක්‍රියාත්මක බැවින් නිලධාරීන් හානිය තක්සේරු කරන තෙක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති Guillermo Lasso ඉක්වදෝර වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සඳහන්.

නායයෑම් හේතුවෙන් මාර්ග කිහිපයක් අවහිර වී ඇති අතර, නිවාස, අධ්‍යාපනික ආයතන ගොඩනැගිලි සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවයි ඉක්වදෝර බලධාරීන් පවසන්නේ.

තාප්පයක් මෝටර් රථයට කඩා වැටීමෙන් කුවෙන්කා නගරයේ එක් පුද්ගලයෙකු මිය ගිය අතර, ජම්බෙලි දූපතේ ආරක්ෂක කැමරා කුළුණක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මනාබි, මැන්ටා සහ ක්විටෝ අගනුවර ඇතුළු තවත් නගර කිහිපයකට භූමිකම්පාව දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2016 වසරේ ඉක්වදෝරයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවකින් 700කට ආසන්න පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලැබුවා.

පේරු රාජ්‍යයේ බලධාරීන් පවසන්නේ අද ඉක්වදෝරයේ හටගත් භූමිකම්පාව තම රටේ උතුරු ප්‍රදේශවලට දැනුණු නමුත් ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳ වාර්තා නොමැති බවයි.

Latest

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන්...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අද (31) කැලිෆෝනියා හිදී අමෙරිකානු කතානායක කෙවින් මැකාර්ති හමුවීමට නියමිතව ඇති බව විදෙස්...

ඩොනල්ට් ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිව්යෝක් ප්‍රාන්ත අධිකරණයකදී අධිචෝදනා ගොනු කර තිබේ. ඒ 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා...

ඉන්දියාවේ කෝවිලක වහලයක් කඩා වැටී 30 දෙනෙකු ළිඳක සිරවෙයි – 12 දෙනෙකු ජීවිතක්ෂයට

අද උදෑසන ඉන්දෝර් කෝවිලක 30 දෙනෙකුට වැඩි පිරිසක් පඩි ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාම් නවමි උත්සවය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here