9.2 C
London
Thursday, March 23, 2023

නව ව්‍යවස්ථාවක් හදන්න එක්සත් ජාතික පක්ෂය ජනතා අදහස් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාක්ෂිකයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණයකට අනුවයි මෙලෙස අදහස් යෝජනා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ.

අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරන අතර කමිටු ලේකම් ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා කටයුතු කරනවා.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ දයා පැල්පොල සහ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා යන මහත්වරුන් කටයුතු කරන බව සඳහන්.

ඒ අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් සභාපතිවරුන් සහ බලයලත් නියෝජිතයන්ට ද පක්ෂයට අනුබද්ධ සංවිධානවල සභාපතිවරුන් සහ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම අදහස් සහ යෝජනා මාර්තු 31 දිනට පෙර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ නීති අංශය වෙත භාරදීමට පියවර ගන්නා ලෙසයි කමිටු ලේකම්වරයා දැනුම් දෙන්නේ.

Latest

ලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල...

අම්පාරේ රෙදි කඩයක ගින්නක්

අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුවල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි...

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නැවතත් සන්නද්ධ හමුදා...

තේ දල්ලෙන් ළදරු සබන් නිපදවයි

ඖෂධීය ගුණයෙන් සමන්විත තේ දලුවල සාරය යොදා ගනිමින් ළදරු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

ලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ පරිසර...

අම්පාරේ රෙදි කඩයක ගින්නක්

අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුවල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි. එම වෙළෙඳසල...

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නැවතත් සන්නද්ධ හමුදා කැඳවා තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here