30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි ?

ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි ?

ශ්‍රී ලංකාවේ වර්ගඵලය, දිග සහ පළල සමිබන්ධයෙන් නවතම දත්ත වාර්තාවක් මාස 02ක කාලයක් තුළ එළිදැක්වීමට කටයුතු කරන බව මිනුමිපති එස්. සිවානන්දරාජා පවසනවා.

ඊට අදාළව සිතියම්ගත කිරීමේ කටයුතු පසුගිය වසරවල දි සිදු කෙරුණු බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව සකස් කළ නව සිතියම් දත්ත අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් නව ගණනය කිරීමි සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඉදිකිරීම වැනි සුවිශේෂි තත්ත්වයන් හමුවේ මෙරට වර්ගඵලය, දිග සහ පළල වෙනස්වීම් වලට භාජනය වී ඇත්දැයි එහි දි කරුණු අනාවරණ වනවා.

උතුරු කෙලවරේ පේදුරුකුඩුවේ සිට දකුණු කෙලවරේ දෙවුන්දර කුඩුව දක්වා ශ්‍රී ලංකාවේ දිග කිලෝමීටර් 432ක් පමණ වනවා.බටහිර පිහිටි කොළඹ සිට නැගෙනහිර සංගමන් කන්ද තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ පළල කිලෝමීටර් 224ක්.

ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,610ක් වනවා.ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු වෙරළේ දිග කිලෝමීටර් 1700 ඉක්මවනවා.