බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කලේ.
ඒ අනූව නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළොව ගිලාබැසීමේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.