28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය ආදායම් පනත ගැන විශේෂ තීරණයක්

දේශීය ආදායම් පනත ගැන විශේෂ තීරණයක්

දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එනම්, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත එමඟින් සංශෝධනය කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග පරිදි එම සංශෝධන පනත් කෙටුම්පත මාර්තු මස 16 වන දින නිකුත් කර තිබේ.

එම සංශෝධන පනත මඟින් දේශිය ආදායම් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ සංශෝධනයන් අප්‍රේල් මස පළවෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව ගැසට් පත්‍රයේ සඳහන් ය.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2022 ඔක්තොම්බර් මාසයේ ද දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සිදුවුණි.