25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූරු මූණා සඟවා තැබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

බූරු මූණා සඟවා තැබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් සිටිය දී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල, දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි.ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් 17 වනදා ‘බූරු මූණා’ නීතිඥවරයකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී අවිස්සාවේල්ල, මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබාදුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් අද (19) දින දක්වා ප්‍රශ්න කෙරෙනවා.