26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමසුන් ඇල්ලීමට ගිය බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙක් ජීවිතක්ෂයට

මසුන් ඇල්ලීමට ගිය බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙක් ජීවිතක්ෂයට

දික්ඕවිට ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගොස් තිබූ බහුදින යාත්‍රාවක සේවය කළ පුද්ගලයෙකු මියගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 65ක් වන කුරක්කන්හේන, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (මාර්තු 18) පෙරවරුවේදී අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බවට වත්තල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ය.

මරණකරු සහ තව ත් පුද්ගලයින් 5 දෙනෙකු සමග පෙබරවාරි 3 වන දා බහුදින යාත්‍රාවකින් මසුන් ඇල්ලීම සඳහා පිටව ගොස් ඇත.

එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් යාත්‍රාව නැවත හරවා වරාය දෙසට එමින් සිටියදී මාර්තු 16 වන දින දහවල් කාලයේදී ඔහු යාත්‍රාවේදී මිය ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

ධීවර වරාය වෙත මෘත දේහය රැගෙන ඒමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.