― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරුපියලේ අගය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රුපියලේ අගය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත බව තහවුරු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම, මහ බැංකුව සහ ආණ්ඩුව කෘතිමව සිදු කළ එකක් බවට පසුගිය දින කිහිපයේදී විවිධ පාර්ශව චෝදනා කළ ද එය තීරණය කෙරෙන ආකාරය මේ වන විට අනාවරණ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබිම සම්බන්ධයෙන්, අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ ඩොලර් සංචිත අතින් මහ බැංකුව තවමත් දුර්වල තැනක පසුවුව ද, අවම වශයෙන් ඩොලර් බිලියන 05ක වත් සංචිතයක් ඇති කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවයි.

එසේම ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත IMFණය වාරික මුදල, ලෝක බැංකුවේ ණය ආධාර මුදල සහ ආසියානු සංවර්ධන අරමුදලේ ණය ආධාර මුදල ලැබුණු පසු, එය ධනාත්මකව ආර්ථිකයට බලපාන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ඩොලර් සංචිත වැඩිවීමට, රුපියලේ අගය වැඩිවීමට මෙන්ම භාණ්ඩ මිල අඩුවීමට එම කරුණු සුවිශේෂිව බලපාන බවයි අමාත්‍යවරයා පැවසුවේ.