29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරුසියානු ජනපති යුක්රේනයට යයි

රුසියානු ජනපති යුක්රේනයට යයි

රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් යුක්රේනයේ මරියුපෝල් නගරයේ සංචාරයක නිරත වී තිබෙනවා.

රුසිසියානු ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් රුසියානු හමුදා යටතේ පවතින මරියුපෝල්හි නැගෙනහිර ඉදිරිපෙළ සමීපයටම ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඔහු එම ප්‍රදේශයේ පිහිටි ළමා මධ්‍යස්ථානයක් සහ කලාගාරයකට ද ගොස් තිබෙනවා.

මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ යුක්රේනයේ සිට රුසියාවට ළමයින් නීතිවිරෝධී ලෙස පිටුවහල් කිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයාට වරෙන්තු නිකුත් කර ඇති කාලසීමාවක මරියුපෝල්හි මෙලෙස සංචාරයක
නිරත වීමයි.