26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News25 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ අවස්ථාව සීමා සහිතයි – හිටපු මැකොස

25 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ අවස්ථාව සීමා සහිතයි – හිටපු මැකොස

ළඹෙන අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඉතා අල්ප බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශවලින් සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය සිදුකරන ප්‍රකාශවලින් පෙනී යන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි ඔහු මාධ්‍යවෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීම මීට හේතුව බවයි හිටපු සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

එම පළාත් පාලන ආයතනවල නියෝජිතයින් දැනටමත් අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දීර්ඝ කිරීමකින් අනතුරුව වසරක කාලයක් වැඩිපුර එම තනතුරුවල රැඳී සිටි බවයි ඔහු සඳහන් කළේ.

ඒ, අනුව ඔවුන්ගේ නිල කාලය තවත් කාලයකට දීර්ඝ කළහොත් එය ජනමතය නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී පවසා සිටියා.