― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsPoliticalIMF නැති වුණොත් තව සති දෙකක්වත් රට ගෙනියන්න බැරි වෙනවා

IMF නැති වුණොත් තව සති දෙකක්වත් රට ගෙනියන්න බැරි වෙනවා

ලංකාව මූල්‍ය කළමණාකරණයට යටත් නොවන රටක් බවට ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 20 වනවිට පිළිගෙන ණය ආධාර නොලැබුනොත් තව සති දෙකක්වත් රට ගෙනයන්න බැරි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (19) පැවසීය.

ශ්‍රී ලංගම රියදුරන් වෙනුවෙන් තාක්ෂණ ප්‍රායෝගික පුහුණු ලබාදීම සදහා කළුතර ගුවන් හමුදා කදවුරේ පැවතී වැඩසටහනක් අතරතුර අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසූවේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“අපි ලෝකයේ හමුවේ ණය ගෙවන්න බැරි රටක් හැටියට නඩු පවරන තැනට පත්වෙලා. එකට එක ජනාධිපතිවරයෙක්, එක අගමැති වරයෙක්, එක දේශපාලකයෙක් වගකියන්න බෑ. නිදහසෙන් පස්සේ වගේම විශේෂයෙන් 77 න් පස්සේ අපි ලෝකෙන් ණය ගත්තා. ඒවා ගෙවන්න බැරි වුණාම සල්ලි අච්චු ගැහුවා. මේක දිගින් දිගටම කළා. ඒ නිසා මේකට එක්කෙනෙක් වගකියන්න බෑ.”