30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු ජීවිතයක් අහිමි කළ පස්සර රිය අනතුර

ගුරු ජීවිතයක් අහිමි කළ පස්සර රිය අනතුර

පස්සර – ලුණුගල ප්‍රධාන මාර්ගයේ 13 වන සැතැපුම් කණුව අසල දී මෝටර් රථයක් මාර්ගයට පෙරළී යාමෙන් අද (20) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගුරුවරයා මෝටර් රථය තම ගෙවත්තේ සිට පිටුපසට ගැනීමට යාමේදී ලිස්සා ගොස් පහළ මාර්ගයට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මීට වසර දෙකකට පෙර අද වැනි දිනක (2021.03.20) ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළී මාරාන්තික අනතුර සිදු වූ ස්ථානයේ දීම මෙම මෝටර් රථ අනතුර සිදුව තිබීම ද විශේෂත්වයක්.