31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙට සල්ලි නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා - ජී.එල් පීරිස්

ඡන්දෙට සල්ලි නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – ජී.එල් පීරිස්

පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.  

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි මැතිවරණ කොමිෂන් සභාවට මුදල් නොදුන්නොත් උසාවියට අපහාසයක් කළා සේ සළකා එතුමාට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂ එක්ව අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පීරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ තත්වය සම්බන්ධයෙන් ලබන සතියේ සිට ජාත්‍යන්තරය ද දැනුම්වත් කරන බව ඔහු පැවසීය.

ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.