― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalජනපතිට මේ වසරේ ජනපතිවරණයක් කැඳවන්න බෑ - ගම්මන්පිල

ජනපතිට මේ වසරේ ජනපතිවරණයක් කැඳවන්න බෑ – ගම්මන්පිල

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයක් පවත්වන බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිදුකරනු ලබන ප්‍රකාශ පට්ටපල් බොරුවක් බවත් ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වසර අග ජනපතිවරණයක් කැඳවීමට ඉඩක් ව්‍යවස්ථාවෙහි නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.03.20) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ජනපතිවරණයක් පවත්වන බවට මා මිත්‍ර රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා ප්‍රකාශ කර තිබුණා. මේක පට්ටපල් බොරුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(3අ)(අ) වගන්තිය අනුව ජනාධිපතිවරයා ස්වකීය ප්‍රථම ධූර කාලයේ වසර හතරක් සම්පූර්ණ කලාම නැවත වරක් තරග කරන්න ජනාධිපති බලාපොරොත්තු වන්නේ නම් මැතිවරණයක් පැවැත්විය හැකි බව පවසනවා. ඒ අනුව නම් ජනාධිපතිතුමාට නොවැම්බර් 18 මැතිවරණයක් ප්‍රකාශ කරන්න පුළුවන්.

නමුත් ඒ වගන්තියේ තිබෙන (ඉ) අනුවගන්තිය කියනවා ජනතා ඡන්දෙයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හිමිකමක් නෑ කියලා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැකියාව තිබුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ වසරේ ජනපතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න හැකියාවක් නෑ.