27.8 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති හිටගෙන ඉන්නේ ලෝකයත් එක්ක නෙවෙයි ලංකාවත් එක්කයි - වජිර

ජනපති හිටගෙන ඉන්නේ ලෝකයත් එක්ක නෙවෙයි ලංකාවත් එක්කයි – වජිර

ජාත්‍යන්තරය කුමක් කීවත් කුමක් සිදුකළත් ශ්‍රී ලාංකික මහජනතාව ශ්‍රී ලංකාවත් සමඟ සිටගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටගෙන සිටින්නේ ලෝකයත් සමඟ නොවෙි එතුමා සෑම වෙලාවකම සිටගත්තේ ශ්‍රී ලංකාවත් සමඟ බව කී අබෙිවර්ධන මහතා එමෙන්ම  විපක්ෂයත් සිට ගත යුත්තේ ලෝකයත් සමඟ නොව ශ්‍රී ලංකාවත් සමඟ යැයි වජිර අබෙිවර්ධන මහතා කීය. 

පිටකෝට්ටෙි ජාතික සේවක සංගම් ශාලාවේ පැවැති එජාප කොට්ඨාශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවා.