27.2 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතම නැගණිය ගැබිණියක් කළ අයියණ්ඩිට අත් වූ ඉරණම

තම නැගණිය ගැබිණියක් කළ අයියණ්ඩිට අත් වූ ඉරණම

තම බාල සහෝදරිය දූෂණය කර ඇයව ගැබිණියක් කළ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී අදාළ තරුණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ඇති අතර එහිදී ඇය ගැබ්ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පසුව ඒ සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලිසිය විමර්ශනයක් සිදුකර අච්චුවේලි පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරු පෙරේදා (18) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.