28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුවක්කුවක් ඉස්සුවැයි අත්අඩංගුවට ගත් අයෙක්ට ඒඩ්ස්

තුවක්කුවක් ඉස්සුවැයි අත්අඩංගුවට ගත් අයෙක්ට ඒඩ්ස්

පනාගොඩ යුද හමුදා කඳවුරේ මුර කුටියකින් ගිනිඅවියක් සොරාගත් සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවෙක් දිගු කාලයක සිට HIV ආසාදිතයෙක් (ඒඩ්ස්) ලෙස ප්‍රතිකාර ලබන අයෙක් බවට අනාවරණය වී තිබේ.

ගොඩගම ඛෙත්තාරම විහාරාධිපති මාලඹේ සීලරතන හිමි සමඟ මෙම සැකකරු පසුගියදා අත්අඩංගුවට ගත් අතර ගිනිඅවිය සොරාගත් සැරයන් මේජර්වරයකු ලෙස පෙනී සිටි පුද්ගලයාද ඛෙත්තාරාම විහාරාධිපති හිමි සමග සමීප මිතුදමක් පවත්වා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම HIV ආසාදිත සැකකරු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.