30 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැඩි කොන්දේසි මත ඉන්දීය ධීවරයින් 12ක් නිදහස් කෙරේ

දැඩි කොන්දේසි මත ඉන්දීය ධීවරයින් 12ක් නිදහස් කෙරේ

ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි සහිතව නිදහස් කර තිබේ.

යාපනය, කොළඹ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නිදහස් කිරීමට යාපනය පේදුරුතුඩුව අධිකරණයේ විනිසුරුවරයා නියෝග කර තිබේ.

ඒ අනුව වසර එකහමාරක සිට වසර 10 දක්වා අත්හිටවූ සිර දඬුවමක් යටතේ ධීවරයින් නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ. පසුගිය 12 වැනිදා ධීවරයින් 12 දෙනෙකු සමඟ ධීවර යාත්‍රාවක් උතුරු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර හා ජල සම්පත් බලධාරීන් වෙත භාරදී ඇත.

දැඩි කොන්දේසි යටතේ නිදහස් කළ ධීවරයින් නාවික හමුදාවේ සහය ඇතිව යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය හරහා ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාරදීමට නියමිතය.