31.7 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනකට තිදෙනෙක් මියයන භයානක රෝගයක් ගැන අනාවරණයක්

දිනකට තිදෙනෙක් මියයන භයානක රෝගයක් ගැන අනාවරණයක්

මෙරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසක් යම් මුඛ රෝගයකට ගොදුරු වී ඇති බව දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් පැවසීය.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට (20)යෙදී තිබේ. “මුව සුව අභිමන් විදින්න – දිවි ඇති තෙක් සිනාසෙන්න” යන්න මෙවර එහි තේමාව වී තිබේ.

ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට අනුව මෙරට ජනතාව අතර බහුලව පවතින්නේ දත් දිරායාමේ රෝගය වන අතර මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මරණ 03ක් වාර්තා වන බව වෛද්‍යවරයා අවධාරණය කළේය.