26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුට එරෙහි පැමිණිල්ලක් ගැන තහනම් නියෝගයක්

දේශබන්දුට එරෙහි පැමිණිල්ලක් ගැන තහනම් නියෝගයක්

කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.