නවසීලන්තය සමඟ වෙලින්ටන් හිදී පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් දරුණු පරාජයක් වැළඳගන්නට ශ්රී ලංකා කණ්ඩායමට අද (20) සිදුවුණා.
සත්කාරක නවසීලන්තය මෙම තරගය ශ්රී ලංකාව පරාජය කරමින් ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 58කින්.
මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස නවසීලන්තය ජය ගැනීමට සමත් වුණා.