23.4 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට සහනයක් ඉල්ලයි

පුංචි ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට සහනයක් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ රාජ්‍ය සේවයේ තුන් දහසකට වැඩි පිරිසට සාධාරණ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කිරීමට මැදිහත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී වලේබොඩ යන මහත්වරු ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් ඉල්ලා සිටිති.

මෙම රාජ්‍ය සේවකයන්ට වැටුප් අහිමිවීමෙන් ඔවුන්ගේ පවුල් අද අන්ත අසරණ තත්වයට පත්ව සිටින බවද මන්ත්‍රීවරු දෙදෙනා පෙන්වා දෙති.