29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූනාගල නාය යෑමෙන් පුද්ගලයින් 300ක් අවතැන්

පූනාගල නාය යෑමෙන් පුද්ගලයින් 300ක් අවතැන්

බණ්ඩාරවෙල – පූනාගල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ඊයේ (19) රාත්‍රියේ සිදු වූ නාය යෑමෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ මේ වනවිට අවතැන්ව ඇති බව වාර්තා වනවා.

එම පිරිස් මේ වනවිට පූනාගල අංක 03 දෙමළ විද්‍යාලයේ රඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ (19) පස්වරුවේ සිට එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ රාත්‍රී 8.00 පමණ පැමිණි විශාල ජල පහරක් සමඟ සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාස රැසකට දැඩි හානි සිදු වුණා.

එහිදී වෙළෙඳසැලක් සහ වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයින් පස්දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පසුව අනාවරණය වුණේ. මේ අතර නායයාමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, කොස්ලන්ද පොලීසිය, ලියන්ගහවෙල පොලිසීය, බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය සහ දියතලාව යුධ හමුදා නිළධාරීන් පැමිණ රෝගීන් රෝහලට ඇතුළත් කර අනතුර සහිත නිවාසවල පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවලට යොමුකර තිබෙනවා.