28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර - මහියංගනය පාරේ යන රියදුරන්ට දැනුම්දීමක්

මහනුවර – මහියංගනය පාරේ යන රියදුරන්ට දැනුම්දීමක්

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය 18 වංගුව ප්‍රදේශයන් වසා දැමීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි තත්ත්වය සමඟ 18 වංගුව 02 වන වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

ඒ අනුව පොලිසිය දැනුම් දෙන්නේ මහනුවර සිට මහියංගනය දක්වා ගමන් ගන්නා වාහන තැන්නෙකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරී මහියංගනය දෙසට ගමන් කළ හැකි බවයි.

මහියංගනය දෙස සිට මහනුවර දක්වා ධාවනය වන වාහන රජමාවත හන්දියෙන් දකුණට හැරී රන්දෙණිගල මාර්ගය ඔස්සේ ගමන්කර තැන්නේකුඹුර හන්දියෙන් වමට හැරී මහනුවර දෙසට ගමන් කළ හැකි බවත් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.