― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට ශ්‍රමිකයන්ට මැලේසියාවේ රැකියා

මෙරට ශ්‍රමිකයන්ට මැලේසියාවේ රැකියා

ලංකාවෙන් ශ්‍රමිකයන් 10,000ක් ආරක්ෂක අංශ සේවාවන් වෙනුවෙන් ලබා ගැනීමට මැලේසියාව එකඟත්වය පළ කළ බව කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.

මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සමග පසුගියදා තමන් කළ සාකච්ඡාවක් අනුව නියමු වැඩසටහනක් වශයෙන් මෙම රැකියා දස දහස ලබා දීමට කටයුතු යොදන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිනි.

මැලේසියාවට මෙතෙක් කල් ආරක්ෂක සේවාවන් සඳහා ශ්‍රමිකයන් වශයෙන් බඳවා ගෙන ඇත්තේ නේපාලයෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා ප්‍රථම වරට එම අවස්ථාව ලංකාවට ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සෘජුවම විදේශ සේවා කාර්යාංශය වෙත ලබා දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම රැකියා ප්‍රමාණය ඉදිරියේදී ලක්ෂ 5 දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද වැඩිදුරටත් පැවසීය.