රාජ්‍ය ආයතන 40ක් පමණ වසා දැමීමට අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
ඒ අනුව මහජනතාව සඳහා වන සේවාවන් අඩු මට්ටමක පවතින රාජ්‍ය ආයතන වසා දැමීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
පිරිවැය කළමනාකරණය කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන ඉලක්ක සපුරා ගැනීම මෙමගින් අපේක්ෂා කරන බවත් රාජ්‍ය ආයතනවල සිටින්නේ නායකයින් පමණක් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ මේ ආයතනවල ඉන්න අයට කිසිඳු අසාධාරණයක් සිදුනොවීමට කටයුතු කරන බවත්ය.