අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු 15ක්, පෙර වැරදි 16ක් ඇති පුද්ගලයකු කසිප්පු බෝතල් 35ක් සමග නාරගල දී අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බුලත්සිංහල, නාගරල ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුට එරෙහිව අධිකරණය මගින් විවෘත වරෙන්තු තුනක් හා දින වරෙන්තු 12 ක් නිකුත් කර ඇතැයිද නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පෙර වැදි 16 ක් ද ඇති බව පොලිසිය කියයි.
කසිප්පු බෝතල් 35ක් සමග සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.