32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවාය - මොණරාගල මාර්ගයට ගසක් කඩාවැටෙයි

වැල්ලවාය – මොණරාගල මාර්ගයට ගසක් කඩාවැටෙයි

බුත්තල, පුහුල්කොටුව ප්‍රදේශයෙන් වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට අද උදෑසන බාධා එල්ල වී තිබුණා.

බුත්තල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රි සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම ගස මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.