29.5 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටා සහ කුඩු සලිඳුගේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

හරක් කටා සහ කුඩු සලිඳුගේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ශික හෙවත් කුඩු සලිඳු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට වෙනත් කිසිදු පාර්ශවයකට බලපෑම් කිරීමට ඉඩ නොතබන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නියෝග කර තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද මෙම උපදෙස්
ලබා දී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාටයි.

සැකකරුවන් සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදු කරන කණ්ඩායම හැර වෙනත් කිසිදු පොලිස් කණ්ඩායමකට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙසටද පොලිස්පතිවරයා එහිදී දැනුම් දී තිබෙනවා.