26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF කමිටු අනුමැතිය අද

IMF කමිටු අනුමැතිය අද

මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත බවත් එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බවත්ය.

එම කමිටු රැස්වීමෙන් අනතුරුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.