― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsඅත්දැකීම් ගන්න ඇමතිවරු දකුණු අප්‍රිකාවට යයි

අත්දැකීම් ගන්න ඇමතිවරු දකුණු අප්‍රිකාවට යයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු නියෝජිත කණ්ඩායමක් අද (21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට තුළ ස්ථාපිත කිරීමට නියමිත ‘සත්‍ය සෙවීමේ කොමිසමේ’ කටයුතු විධිමත්ව සහ සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දකුණු අප්‍රිකා රජයේ අත්දැකීම් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E. ස්චල්ක් පසුගිය දිනක අධිකරණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ සිය රට තුළ ස්ථාපනය කර ඇති සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් කර තිබුණි.

එම ආරාධනය අනුවයි ඔවුන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොඅ ඇත්තේ.