29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅපි ඡන්දේ කල්දාන්න කියල නිර්දේශ කරලා නැහැ - IMF

අපි ඡන්දේ කල්දාන්න කියල නිර්දේශ කරලා නැහැ – IMF

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට තමන් කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා IMF දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු නොකරන බවයි.

අපි මැතිවරණයට සම්බන්ධ වීම සහ බලපෑම කරන බවට යම් රාවයන් තියෙනවා, පළාත් පාලන මැතිවරණ ගැන මම කියන්න කැමතියි. IMF අපි කිසිම රටක මැතිවරණ ක්‍රියාවලියකට මැදිහත් වන්නේ නැහැ. ලංකාවේ තත්ත්වය ගත්විට, මැතිවරණ කියන ප්‍රශ්නය ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකා ජනතාවට අයත් දෙයක්.” ඔහු පෙන්වා දුන්නේය.