29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකේසරගේ මරණයට හේතුව හෙළි වෙයි

කේසරගේ මරණයට හේතුව හෙළි වෙයි

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ විසූ ‘කේසර’ නමැති සිංහයාගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.

මරණ පරීක්ෂණ වාර්තාවේදී අනාවරණය වී ඇත්තේ නිව්මෝනියාව සෑදීමෙන් පසු එය හෘද වස්තුවට බලපෑම නිසා බව මෙම සත්ත්වයා මරණයට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් මරණය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා සිංහයාගේ පටක පේරාදෙණිය සත්ව රෝහලට යොමුකර ඇත.

මෙම කේසර නමැති සිංහයා මියයන විට අවුරුදු හතර හමාරක වයසේ පසු වූ අතර
ඔහු ඉපදෙන විටම දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා සෆාරි උද්‍යානයයේ සේවකයන් කේසරට බෝතල්වලින් කිරිපොවා උස් මහත් කර ඇති බවයි වාර්තා වන්නේ.