27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද (21) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ පුවත ඊයේ රාත්‍රියේ රජය නිවේදනය කළා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ශ්‍රී ලංකා සඳහා ඩොලර් බිලියන 03කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බවයි. මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා අදාළ වන අතර මේ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතිය පළ කරනු ලැබුවා.

සියලු මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පූර්ණ විනිවිදභාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමණාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාරභාවය අත්පත් කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළා.