― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන - විජිත හේරත්

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීම ගැන ආණ්ඩුවේ සමහර අය පුරසාරම් දොඩන බව කී හේරත් මහතා  හම්බන්තොට වරාය විකිණූ  වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා චෙක් පත අරගෙන පෙන්වා උදම් ඇනූ බව සඳහන් කළේය.

රට බංකොලොත් කර අසීමාන්තිකව ණය ගන්න සිදුවීම ගැන ආර්ථිකය බාර වී සිටි අය ලැජ්ජා විය යුතු යැයි ඔහු පැවසුවා.