26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්ද විමසීම කල් යයි

තැපැල් ඡන්ද විමසීම කල් යයි

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම යොදාගත් දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී තිබේ.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් තැපැල් ඡන්ද පත්‍රිකා අද (21 වැනිදා) තැපෑලට බාරදීමට නියමිතව තිබුණද, ඊට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තේරීම්භාර නිලධාරීන්ට ලැබී නොතිබුණි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මෙමස 28, 29, 30 සහ 31 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබූ නමුත් මුද්‍රණ කටයුතුවලට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා නොදීම නිසා රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාවට තැපැල් ඡන්ද පත්‍රිකා ඊයේ (20) සවස් වනතුරු ලබාදී නොතිබුණි.