― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදිවා ආහාර වැඩසටහන නිරීක්ෂණයට ඇමරිකානු තානාපතිනිය ඇඹිලිපිටියේ සංචාරයක

දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණයට ඇමරිකානු තානාපතිනිය ඇඹිලිපිටියේ සංචාරයක

මෙරට පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණය සදහා ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ඇඹිලිපිටියේ සංචාරයක නිරත වුණා.

ඇය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලය නිරීක්ෂණය කළේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත්ද සමගයි.

පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන සඳහා ඇමරිකානු රජය අනුග්‍රහය දක්වන අතර එම වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම ඇමරිකානු තානාපතිනිගේ ඇඹිලිපිටිය පාසල නිරීක්ෂණයේ අරමුණ වී තිබුණා.

තානාපතිනියගේ මෙම සංචාරයට සමගාමීව ගුරුආරගම විද්‍යාලයේ සිසුන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇති අතර, කියවීම් පොත් ප්‍රධානයක්ද සිදු කළා.