― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනීති උපාධියට ඉංග්‍රීසි ඕනේ කියන ගැසට්ටුව පරාජයට

නීති උපාධියට ඉංග්‍රීසි ඕනේ කියන ගැසට්ටුව පරාජයට

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

මෙම ඡන්ද විමසීමේදී ඊට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර පක්ෂව හිමිවුණේ එක් ඡන්දයක් පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද පාර්ලිමේන්තුවේ දී එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් 2020 වසරේ දෙසැම්බර් 30 වන දින මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.