28.4 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගීන් 40ක් සමඟ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී

මගීන් 40ක් සමඟ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී

හොරණ – රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට දී අද (21) පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ගිනි ගැනීමෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති බවයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළේ. රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එහි මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර ගින්න හට ගැනීමත් සමඟ ඔවුන් ඉන් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ. හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණා.

බස් රථය ගිනි ගැනීමත් සමඟ හොරණ – රත්නපුර මාර්ගයේ බොරුගොඩ ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට තරමක බාධාවක් ද ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.