27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල් කැකුළකට හදි කළ පාපතර සීයා සොයා මෙහෙයුම්

මල් කැකුළකට හදි කළ පාපතර සීයා සොයා මෙහෙයුම්

වයස අවුරුදු 05ක දැරියකට ලිංගික අතවර කළ බව කියන ඇයගේ සීයා කෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

ඒ දැරියගේ මව විසින් අද (21) දිනයේ දැරියට සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි. ඊයේ (20) පස්වරුවේ දැරියගේ මවගේ මාමා කෙනෙකු වන සැකකරු විසින් දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

චෝදනා ලබා සිටින සැකකරු ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.