31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොරටුවේ කුඩු රැජිණ අත්අඩංගුවට

මොරටුවේ කුඩු රැජිණ අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුවැල්ල, ප්‍රැන්සිස්කෝ පටුමඟ ප්‍රදේශයේ පදිංචි ශ්‍රීමාලි නොහොත් මොරටුවේ ‘කුඩු රැජින’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වයස අවුරුදු 49ක තැනැත්තියක්.

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරී කණ්ඩායමක් මොරටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර කෙරුණා. විදේශගතව සිටින රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රත්මලානේ දේවින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙම කාන්තාව විසින් මොරටුව ප්‍රදේශයේ ජාවාරම් කටයුතු සිදුකරන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.