23.9 C
Colombo
Thursday, November 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් රට බාරගත්තේ නැත්නම් අද ලංකාවක් නැහැ - ඩයනා

රනිල් රට බාරගත්තේ නැත්නම් අද ලංකාවක් නැහැ – ඩයනා

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් නොදුන්නේ නම් අද ශ්‍රී ලංකාවක් සොයා ගැනීමටවත් නොහැකි වන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඇතැම් කුහක දේශපාලඥයන් උපක්‍රමශීලී පියවරයන් ලෙස සැලකුවද, යථාර්ථය වන්නේ රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයේ සැපයුම සහ ඉල්ලුම මත බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

රනිල් රට භාර ගන්නා විට තෙල්, ගෑස්, විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවත් නමුත් ඔහු රට භාරගත් දා සිට එම ප්‍රශ්න විසඳී ඇති බවත් අමාත්‍යවරිය අවදාරණය කළාය.

රනිල් වික්‍රමසිංහ මහතා රට දිනුවේ නැත්නම් අද ශ්‍රී ලංකාව ලෝක සිතියමේවත් දකින්නට නොලැබෙනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළේ.