32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් නිවේදනයක්

වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් නිවේදනයක්

දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, පහත සඳහන් හේතු මත විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු 2023.04.17 දින සිට ක්‍රියාත්මක වේ.

අ.පො.ස (සා/පෙළ) හා (උපෙළ) පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම් ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලනු ලැබේ.

මෙතෙක් ලබා දී ඇති සියලුම තාවකාලික අනුයුක්ත 2023.06.30 දින දක්වා දීර්ඝ කෙරේ. එහෙත් 2023.06.30 දිනට පෙර ස්ථානමාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහාම ඒ අනුව කටයුතු කළ යුතු වේ.