― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදේශ රැකියා ඒජන්සියක් ඇරඹීමේදී ඇපකරය ඉහළට

විදේශ රැකියා ඒජන්සියක් ඇරඹීමේදී ඇපකරය ඉහළට

විදේශ රැකියා ඒජන්සි ආයතන බලපත්‍ර නිකුත් කිරීමේදී තබාගන්නා බැංකු ඇපකරය මිලියන 3ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට යොමුකරනු ලබන බැංකු ඇපකරය රු.750,000 සිට මිලියන 3 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

දෙවන වසරේ සිට එය මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒජන්සි ආයතන මගින් රැකියා සඳහා විදේශ ගතවන පුද්ගලයින්ගේ සේවා ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට හිමි වැටුප් හා අනෙකුත් දීමනා නොගෙවීම් සම්බන්ධයෙන් පැමිණිලි විභාගයකින් පසුව තක්සේරු කරනු ලබන වැටුප් දීමනා ගෙවීම්, අතිරේක මුදල් අයකර ගැනීම් ආදී වශයෙන් වූ ගෙවීම් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාළ ඒජන්සි ආයතනයට ගෙවීම් සම්බන්ධව නියෝග නිකුත් කරනු ලබයි.