27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsIMF පළමු ණය වාරිකය දින දෙකක් ඇතුළත

IMF පළමු ණය වාරිකය දින දෙකක් ඇතුළත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු ණය වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව එම අරමුදල පවසනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 03ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කරනු ලැබුවා.

මේ අතර මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා ‘ධන බද්දක්’ ද මෙම වැඩසටහනට ඇතුළත් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා පවසනවා.

ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ බව සඳහන් කළ අතර, ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවධානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික සහ සමාජයීය අභියෝගවලට ලක්ව සිටින බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එමෙන්ම ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යා යුතු බවත් ඇය පෙන්වා දෙනවා. දුප්පත් හා අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරමින් මූල්‍ය හා ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ආදායම් මත පදනම් වූ මූල්‍ය එකඟතාවක අවශ්‍යතාව ද ඇය මෙහිදී පෙන්වා දුන්නා.