― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅරලියගහ මන්දිරයේ තිබූ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි

අරලියගහ මන්දිරයේ තිබූ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි

අරගලය පැවති සමයේ අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපල විනාශ කිරීමේ සිද්ධියට අදාළව මන්දිරයේ තිබූ ලේ සාම්පල් පහක් සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ තිබූ මෙම ලේ සාම්පල් පහ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවිය යුතු බැවින් ඒ සඳහා නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් 2022 වසරේ මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ පරික්ෂනය අධිකරණය හමුවේ අද (22) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.