26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික අර්බුදයේ විමර්ශන වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට

ආර්ථික අර්බුදයේ විමර්ශන වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට

වත්මන් ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදරිපත් කළා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරු පිරිසක් විසින් මේ සම්බන්දයෙන් පෙත්සම් දෙකක් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

එම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මෙම විමර්ශන වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.