― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනපති IMF එකඟතාවට අනුමැතිය ඉල්ලයි

ජනපති IMF එකඟතාවට අනුමැතිය ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දෙන ලෙසට ජනපති සියලු දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

ඔහු පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ විපක්ෂයෙන් මෙම ණය මුදල ලබාගැනීමේදී සහයෝගයක් ඵල නොවූ බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊට විරෝධය පළකරමින් තම පක්ෂය 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දුන් බව පැවසුවා.

එම පක්ෂයේම හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ IMF ණය මුදල රටට ලබා ගැනීමේ වැදගත්කම තමන් ද නිරන්තරයෙන් මතු කළ බවයි.